ලිංග්ලිංග් උතුරු කොරියාවට



‘ලිංග්ලිංග්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව දකුණු කොරියාව පසුකරමින් උතුරු කොරියාවට කඩා වැදී ඇතැයි වාර්තාවේ.

පැයට කිලෝ මීටර් 140 ක වේයකින් හමා ආ ‘ලිංග්ලිංග්’ උතුරු කොරියාවට ඇතුළු වූයේ දකුණු කොරියාවේ තිදෙනෙකු බිලි ගනිමිනි. නිවාස දහස් ගණනක් ද සුළි කුණාටුවෙන් විනාශ විය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුදාවට උපදෙස් දී ඇත්තේ සුළි කුණාටුවෙන් පීඩාවට පත්වන වැසියන්ට පිහිට වන ලෙසය. සුළි කුණාටුවෙන් උතුරු කොරියාවේ වගාබිම්වලට ද හානි සිදුවීමේ ඉඩක් පවතින බවට බියක් පළ වී තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS