රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දීපාවලී සැමරුම්



අයහපත පරදා යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන දීපාවලී උළෙල නිමිත්තෙන් පළමු වරට වොෂින්ටනයේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ සැමරුමක් පැවැත්විණි.

මෙම සැමරුම සංවිධානය කරනු ලැබ තිබුණේ වොෂින්ටන් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙනි.

ඇමෙරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජෝන් ජේ. සුලිවාන් සහ ඇමෙරිකාවේ ඉන්දීය තානාපති නවුට්ජී ෂාමා ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක් වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS