යුරෝපයට පනින්න හැදූ 94 කට කොරෝනා



මධ්‍යධරණී මුහුද හරහා බෝට්ටු මාර්ගයෙන් යුරෝපයට යෑමට උත්සහ කළ අනවසර සංක්‍රමණිකයන් 94 දෙනකුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මෝල්ටා වෙරළාරක්ෂක බලධාරීහු පවසති.

මෝල්ටා යනු යුරෝපා රටකි. සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව කොටු කර ගැනීමට මෝල්ටා වෙරළාරක්ෂකයෝ සමත් වූයේ පෙරේදා (27) ය.

බෝට්ටුවේ සිට ඇත්තේ යුද ගැටුම් සහ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පණ බේරා ගනිමින්, දිවි පරදුවට තබා මුහුදු මාර්ගයෙන් යුරෝපයට යෑමට උත්සහ කළ පිරිසකි. මොවුන් එරිත්‍රියාව, සුඩානය සහ මොරොක්කෝව රටවල වැසියන් යැයි පැවැසෙයි.

සංක්‍රමණිකයන් 94 දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් යැයි හඳුනා ගැනීමෙන් පසු, නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගියේ යැයි මෝල්ටා රජය වැඩිදුරටත් පවසා ඇත.

වැලෙටාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS