යුක්රේන හමුදා යානයක් කඩා වැටී 22 ක් මරුට



යුක්රේන හමුදා ගුවන් යානයක්, ගුවන් තොටුපොළට ගොඩබාද්දී අනතුරට පත්වීමෙන්, විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇන්ටනෝව් වර්ගයේ ඒ.එන්. 23 නමැති මෙම ගුවන් යානය අනතුරට පත්වූයේ චුචීව් නගරයේ ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. චුචීව් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට කිලෝ මිටර් 400 ක් දුරිනි.

අනතුරට පත්වෙද්දී යානයේ සිටි ගණන 28 කි. එයින් අට දෙනකු නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් යැයි පැවැසෙයි. මගීන්ගෙන් බොහෝ දෙනා ගුවන් පුහුණු ශිෂ්‍ය භටයන් යැයි යුක්රේන හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

යානයේ සිටි 28 දෙනාගෙන් විසි දෙදෙනකුගේ සිරුරු හමුවුණු බවත්, දෙදෙනෙක් තුවාල ලැබූහ. තවත් සිවු දෙනකු අතුරුදන් යැයි යුක්රේන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS