මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී 40 ක් සිරවෙති



ඉන්දියාවේ මුම්බායි නුවර සිවු මහල් ගොඩනැගිල්ලක් බිමට කඩා වැටීමෙන් 40 දෙනෙක් සුන්බුන් අතරේ සිරවූහ.

එම ගොඩනැගිල්ල වසර 100 ක් පැරැණි බවත්, එය නිසි ලෙස කඩත්තු කර නොතිබුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල මුම්බායි නුවරට මහ වැසි ඇද හැලුණු අතර, පළාත් රැසක් ජලයෙන් යටවී ගියේය. ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඇත්තේ ඒ නිසා විය හැකි යැයි ද පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS