මියන්මාරයේ අතුරු මැතිවරණයක්



මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. මියන්මාර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙය නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ජනප්‍රියත්වය උරගා බැලීමේ මැතිවරණයක් කියාය.

සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය විශිෂ්ට ජයක් හිමි කරගත්තේ 2015 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. මියන්මාර ව්‍යවස්ථාව සකසනු ලැබ ඇත්තේ පෙර පැවැති හමුදා පාලකයන් විසිනි.

ඒ අනුව, විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා සූ කීට මියන්මාර ජනාධිපති ධුරය හෙබවිය නොහැකිය. සූ කී නිල නොවන නායිකාව ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි. සුළු ජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ගේ අර්බුදය මුල්කොට ගනිමින් අවුන් සාන් සූ කීට විදේශවල අප්‍රසාදයට ලක් වී සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS