මියන්මාරයේත් කොරෝනා



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ අවස්ථාවේ පටන් දැඩි ක්‍රියා මාර්ග ගනිමින් සහ තහංචි පනවමින් වයිරසය රටට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ ගත් මියන්මාරයෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇත.

මියන්මාරයේ මිලියන 50 කට වැඩි ජනගහනයක් වෙසෙති. වයිරසය ආසාදනය වී ඇත්තේ දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ සහ මහා බි්‍රතාන්‍යයේ සංචාරය කර ආපසු පැමිණි මියන්මාර ජාතිකයන් දෙදෙනකුට යැයි පැවැසෙයි.

චීනයේ වයිරසය ව්‍යාප්ත වෙද්දී මියන්මාර රජය එරට දේශසීමා වසා දැමූ අතර, සියලු උත්සව ද නැවැත්වීය. එපමණක් නොව, මියන්මාර වැසියන්ගේ ආහාර රටාව වෙනස් කිරීමට ද රජය යුහුසුළු වුණැයි වාර්තා වේ.

ආසාදිතයන් ලෙස හඳුනා ගත් පුද්ගලයන් දෙදෙනා නිරෝධායනය කළ බවත් ඔවුන්ගේ සමීපතමයන් ද නිරෝධායනයට යොමු කළ බවත් මියන්මාර රජය පවසා ඇත.

යැංගොන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS