මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉන්දියාවේ 2 ක් මරුට



ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය ලෝක් සභා මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා මැද ආරම්භ විය.

ප්‍රචණ්ඩ  ක්‍රියා වාර්තා වූයේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඡන්ද පොළවලිනි. ගැටුම් හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.

මීට අමතරව, ඡන්ද පොළ වෙත පැමිණි ඡන්ද දායකයන් පොළොඹවා ගනිමින්, තම තමන්ගේ පක්ෂය වෙත හරවා ගැනීමේ අරමුණින්, දේශපාලනඥයන් ඔවුන්ට තෑගි වශයෙන් බෙදා දීමට සූදානම් වූ ඉන්දීය රුපියල් කෝටි 2,626 ක් වටිනා මුදල්, මත්පැන්, රත්තරන් ඇතුළු වෙනත් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව කෝටි 90 කට වැඩිය. මැතිවරණයේ පළමු අදියර ආරම්භ වූ අවස්ථාවේදී පමණක් ඡන්දය ප්‍රකාශ කළ පිරිස කෝටි 14 කි. මැතිවරණය ලබන මැයි 19 වැනිදා තෙක් පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරිමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් සිදුවන්නේ මැයි 23 වැනිදාය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS