මාලි ගෝත්‍රික ගම්මානයකට ත්‍රස්තයෝ පහරදෙති



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ, ඩොගොන් නමැති ගෝත්‍රික වැසියන්ගේ ගම්මානයකට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ප්‍රහාරයකින් ගෝත්‍රිකයෝ 95 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 දෙනකු අතුරුදන් වූ බව පැවැසෙයි.

ඩොගොන් නමැති මෙම ගෝත්‍රිතයන් මාලි රටේ සුළුජාතිකයන් ලෙස සැලකෙයි. ඩොගොන් ගෝත්‍රිකයන් සහ අහිකුණ්ඨක දිවියක් ගෙවන ෆුලානී ගෝත්‍රිකයන් අතරේ නිරන්තරයෙන් ගෝත්‍රික ගැටුම් නිර්මාණය වෙයි.
කෙසේ නමුත් ඩොගොන් ගම්මානයට කඩා වැදී, ගෝත්‍රිකයන් වෙඩි තබා අමු අමුවේ මරා දමා ඇත්තේ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක් බව ප්‍රහාරය එල්ල වෙද්දී, පණ බේරාගත් ගෝත්‍රිකයෝ පවසති.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කඩා වැදී පහර දී ඇත්තේ, මොප්ටි පළාතේ, සංගා නමැති නගරයට නුදුරින් පිහිටි සොබාමේ දා නමැති ඩොගොන් ගම්මානයට යැයි ද පැවැසෙයි.

බමාකෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS