මරියානා අගාධ පතුළෙත් ප්ලාස්ටික්



ලොව ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන මරියානා අගාධ පතුලේ කිලෝ මීටර් 11 ක් ගැඹුරින් ප්ලාස්ටික් කසළ ගොඩගැසී ඇතැයි, මරියානා අගාධය ගවේෂණය කරමින් පතුළට කිමිඳුණු ඇමෙරිකන් කිමිඳුම්කරුවකු වන වික්ටර් වෙස්කෝවෝ ඇතුළු කිමිඳුම් කණ්ඩායම පවසයි.

වීර වික්‍රමවල යෙදෙන ප්‍රකට චරිතයක් ලෙස වික්ටර් වෙස්කෝවෝ සැලකෙයි. කුඩා කුමුඳුවක (සබ්මැරීනයක) නැගී මරියානා ආගාධය ගවේෂණය කරමින් එහි පතුළට කිමිඳුනේ නව වාර්තාවක් තබමිනි.

වෙස්කෝවෝට මීටර් 10,927 (අඩි 35,849) ක් ගැඹුරට කිමිඳීමට හැකිවිය. එය නව ගිනස් ලෝක වාර්තාවක් ද විය.

අප දන්නා පරිදි ලොව ගැඹුරින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන මරියානා අගාධයේ ගැඹුර 10,994 කි. මෙම ගැඹුරට රොබෝ කිමිඳුම් යානා යවා ගවේෂණය සිදු කර ඇත. අධික පීඩනය හේතුවෙන් තවත් ගැඹුරට කිමිඳුම් යානා යැවීම ගැටලුවකි.

කිමිඳුම්කරුවන්ට කුඩා කුමුඳුවක නැගී යෑම පවා කළ නොහැකිය. මරියානා අගාධය ගවේෂණය කරමින් පළමු කිමිඳුම සිදුවූයේ 1960 වසරේය. ඉන්පසු කිමිඳුම් ගවේෂණ සිදුකර ඇත්තේ අවස්ථා තුනකදී පමණි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS