භෞතික විද්‍යා නොබෙල් තෑග්ග



මෙම වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය විශ්වයේ රහස් ලොවට අනාවරණය කළ තාරකා භෞතික විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව කියයි.

එම විද්‍යාඥයන් තිදෙනා වන්නේ ජේම්ස් පීබල්ස්, මයිකල් මේයර් සහ ඩීඩර් ක්වෙලොස්ය. ජේම්ස් පීබල්ස්ට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවන්නේ විශ්වයේ පරිණාමය සම්බන්ධයෙන් කළ අනාවරණයටය.

ආලෝක වර්ෂ 50 ක් දුරින් විශ්වයේ ඈත තරුවක් වටා භ්‍රමණය වන ‘51 පෙගාසී බී’ යනුවෙන් නම් කළ වායු යෝධයකු ලෙස හැඳින්නෙ ග්‍රහයකු සම්බන්ධයෙන් කළ අනාවරණය ඇගයීමට ලක් කරමින් මයිකල් මේයර් සහ ඩීඩර් ක්වෙලොස් දෙදෙනාට මෙවර භෞතික විද්‍යා නොබෙල් තෑග්ග හිමිවනු ඇතැයි නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.

මීට අමතරව වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාග හිමිවන්නේ කාටදැයි යන්න ප්‍රකාශයට පත් විය. මෙවර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නොබෙල් ත්‍යාගය වෛද්‍ය පර්යේෂකයන් තිදෙනකු අතරේ බෙදී යයි. ඔවුන් විලියම් කේලින්, ශ්‍රීමත් පීටර් රැට්ක්ලිෆ් සහ ග්‍රෙග් සෙමෙන්සා යන තිදෙනාය. විවිධ ඔක්සිජන් මට්ටම්වලට මිනිස් සිරුර ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමින් මොවුන් තිදෙනාට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමේ.

ස්ටොක්හෝම්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS