භූමි කම්පාවකින් හොන්ඩුරාස් දූපත් කැළඹේ



ලතින් ඇමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයට අයත් කැරිබියානු දූපත් රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැළැඹිණි.

භූමි කම්පාවෙන් පසු ඇමෙරිකා පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය අසල පිහිටි ඔවුන්ට අයත් වර්ජින් දූපත්වලටත් පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යයටත් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළේය.

භූමි කම්පිවෙන් පැය කිහිපයකට පමණ පසු ඇමෙරිකා පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය වැඩි දුරටත් කියා සිටියේ මීටරයක් පමණ උස මුහුදු රළ කඩා වැදුණු බවය.

භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු නමුත්, කිහිප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා වේ. නිවස කිහිපයකට සුළු හානි සිදුවිය.

(රොයිටර්)

 


RECOMMEND POSTS