බි‍්‍රතාන්‍ය නව අගමැති ප‍්‍රංශ ජනපති හමුවෙයි



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සහ ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි.

ජොන්සන්, බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරයට පත් වීමෙන් පසු විදෙස් සංචාරයක නියැලූණු පළමු අවස්ථාව මෙයයි. ප‍්‍රංශය යුරෝපා සංගමයේ ප‍්‍රබල සාමාජිකයෙකි. පැරිස් නුවර ජනාධිපති නිල නිවස වන ඉලීසේ මාලිගයට පැමිණි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ජනාධිපති මැක්රොන් කටයුතු කළේය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කි‍්‍රයාවලිය හැඳින්වෙන්නේ බ්‍රෙ‍්‍රක්සිට් යනුවෙනි. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට මහා බි‍්‍රතාන්‍යයට තව ඇත්තේ දින 30 ක කාලයක් පමණි. කිසිදු වන්දි මුදලක් යුරෝපා සංගමයට ලබා නොදී, යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට අගමැති ජොන්සන් සහ ඔහුගේ නව රජය සූදානම් වෙයි.

බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් සහ ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවුණු අවස්ථාවේදී ජොන්සන් හැසිරුණු ආකාරයෙන් පෙනී යන්නේ, ඔහු ඉදිරිපත් කළ කොන්දේසිවලට ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් එකඟවී ඇති බව යැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS