බ්‍රෙක්සිට් ප‍්‍රමාද කරන්න අධිකරණයේ සහාය ඉල්ලයිි



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කිරීමට අධිකරණයේ සහාය ලබා ගැනීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය (සාමි මන්තී‍්‍ර මණ්ඩලය) උත්සාහ ගන්නා බව වාර්තා වේ.

අධිකරණයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු, බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ අත්සනින් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කිරීමට සාමි මණ්ඩලය සූදානම් වෙයි.

එසේ වුවහොත් අකමැත්තෙන් වුවත්, යුරෝපා සංගමය සමඟ එකඟතාවක් ඇති කර ගනිමින්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අගමැති බොරිස් ජොන්සන්ට සිදුවෙයි.

අගමැති ජොන්සන් උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු ද ප‍්‍රමාද කරමින් යුරෝපා සංගමය සමඟ කිසිදු ගිවිසුමක් ඇති කර නොගෙන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමටය.

ඒ සඳහා නව යෝජනාවක් අගමැති ජොන්සන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය පරාජයට පත් විය. ජොන්සන්ගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් ද ඊට දැඩි විරෝධයක් හිමිවිය.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ලබන ඔක්තෝබර් 31 වැනිදාට පෙර අවසන් කළ යුතුව ඇත.

ලන්ඩනයේදිය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS