පුටින්ගේ පක්ෂයට ජය



රුසියාවේ ප්‍රදේශීය පාර්ලිමේන්තු සඳහා නියෝජිතයන් 1,60,000 ක් තෝරා ගැනීමට පැවැති මැතිවරණයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂය සමත් විය.

නගරසභා නියෝජිතයන් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සිදුවන්නේ ද මෙම මැතිවරණයේ දී සිදුවිය. ඡන්ද මධ්‍යස්ථාන 56,000 කදී, මිලියන 35 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (13) සිදුවිය. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ මෙය රුසියන් ජනාධිපති පුටින් සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ දේශපාලන පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙසය.

රුසියන් මැතිවරණ බලධාරීන් මැතිවරණය පැවැත්වූයේ පසුගිය 11 සහ 12 දිනවලය. ඒ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, සෞඛ්‍ය නිර්දේශ අනුවය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් අතරින්, රුසියාව ඇත්තේ සිවුවැනි ස්ථානයේය.

රුසියන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් චෝදනා කරන්නේ රුසියන් ජනාධිපති තමන් දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බවය.

සර්බියාව, රුසියාවට අයත් කොටසක් වන අතර, රුසියන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සර්බියානු නගර කීපයක ආසන හිමිකර ගත් බව වාර්තා වේ. මැතිවරණ අක්‍රමකිතා රැසක් පළාත් රැසක සිදුවී ඇති බවට විපක්ෂය චෝදනා කර තිබේ.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS