පිහියක් අරන් යකා නටලා



ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පිහියක් අතැතිව කලහ කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

තරුණයා එල්ල කළ පිහි ප‍්‍රහාරයෙන් අවුරුදු 41 ක් වයසැති කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් කාන්තාවක මියගිය බවත් වාර්තා වේ. එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත් තරුණයා මුස්ලිම් සම්භවයක් ඇත්තකු බවත් පැවැසෙයි.

අවට සිටි පිරිස් තරුණයා කොටු කරගනිමින් ඔහු මෙල්ල කරගෙන පසුව පොලිසියට බාර දී ඇත. තරුණයා අල්ලා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් වී අවසන්ය.

සිඞ්නිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS