පිලිපීන වෙළෙඳ සංකීර්ණයක ගින්නක්



‘ටෙම්බින්’ සුළි කුණාටුව හමා යන අතරතුරේ, පිලිපීනයේ ඩාවෝ නුවර සුපිරි වෙළෙද සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 37 කි.

දුම් ආඝ්‍රාණය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්වලට ඇතුළත් කළ ගණන සියයකට ආසන්න යැයි පිලිපීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගින්නට හසුවුණු වැඩිදෙනා නත්තල වෙනුවෙන් සාප්පු සවාරි පැමිණ සිටි පිලිපීන කිතුනුවන් යැයි ද පැවැසෙයි.

ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ගින්න නිවා දැමීමට ගිනිනිවන භටයන්ට පැය 12 ක් පමණ ගතවුණැයි පැවැසෙයි. ගින්න හට ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව සුපිරි වෙළෙඳසැලේ පාලන අධිකාරිය පවසා තිබේ.

ගින්න ගැන දැනගත් සැණින් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් එම සුපිරි වෙළෙඳසැල පිහිටි තැනට ගියේය. තුවාල ලැබූවන් සහ මියගිය අයගේ පවුල්වල අය සැනැසීමට ඔහු උත්සාහ ගත් බව ද වාර්තා වේ. රෝහල් ගත කළ තුවාලකරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද පිලිපීන ජනාධිපතිවරයා අමතක නොකළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS