පිලිපීන ගිනි කන්දක් පිපිරේ



පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දෙසින් පිහිටි, ‘තාආල්’ ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑම ආරම්භ වී ඇත. ගිනි කන්ද සක්‍රීය වී ඊයේ (12) පුපුරා ගියේය.

ගිනි කන්ද ගැන විමසිල්ලෙන් පසුවුණු බැවින්, පිලිපීන බලධාරීන් හමුදාව යොදවා, ගිනි කන්ද අවට ගම්මානවල පදිංචි 8,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණින.

ගිනි කන්ද දුම්වලා සහ ලාවා පිටකරමින් පුපුරා යන බව අද උදෑසන ද වාර්තා විය. දුම්වලා පැතිරීම හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ද වාර්තා වේ.

ගිනි කන්ද පුපුරා යද්දී, ඒ අවට මුහුදට පස් කඩා වැටීමෙන්, මුහුද කැලඹෙන බවත්, එයින් සුනාමි රළ හට ගැනීමට ඉඩක් ඇති බවත් භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති. සුනාමි රළවලින් අනතුරක් විය හැක්කේ පිලිපීනයට සහ පිලිපීනයට අයත් කුඩා දූපත්වලට පමණක් යැයි ද පැවැසෙයි.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS