පෑන් කේක් හදලා



චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප‍්‍රධානත්වයෙන් නැගෙනහිර රුසියාවේ ව්ලැදිවෝස්ටෝක් නුවර පැවැත්වෙන ආර්ථික සමුළුව අතරතුරේ, චීන ජනාධිපතිවරයා සමඟ එක්වී, පෑන් කේක් සැකැසීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

සූපවේදීන් පිරිසක් ද හවුල් කරගනිමින්, ඒප‍්‍රන් පැළැඳ පෑන් කේක් සකස් කර ගැනීමෙන් පසු, සුහඳ කතාබහක යෙදෙමින් වොඞ්කා වීදුරුවක් ද පානය කරමින් එම පෑන් කේක් රස බැලීමට ද රාජ්‍ය නාකයයෝ දෙදෙනා අමතක නොකළාහ.

ජනාධිපති ජින් පින් සහ පුටින් දෙදෙනා මෙසේ පෑන් කේක් සකස් කළේත්, පසුව ඒවා රස බැලූවේත්, ආර්ථික සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින් පින් මීට පෙරද මේ අයුරින් පෑන් කේක් සකසා ඇත. ඒ, රුසියා ජනාධිපති පුටින් චීනයේ ආර්ථික සමුළුවකට එක් වුණු අවස්ථාවේදීය. එහිදී දෙදෙනා එක් වී සකස් කළේ චීන පෑන් කේක් යැයි ද පැවැසෙයි.

සාමයට කැප වී සිටින උතුරු කොරියාව සමඟ රුසියාව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට සැරැසෙයි. ඒ සඳහා අතරමැදියා වන්නේ චීනයයි. උතුරු කොරියාවේ සමීපතම මිතුරා චීනයයි. චීනයේ සමීපතම මිතුරා වී සිටින්නේ රුසියාවය.

(රොයිටර්)


RECOMMEND POSTS