පාසල් විවෘත කළාට ස්වීඩනයට දොස්



නව කොරෝනා වෛරස වසංගතය හමුවේ ස්වීඩනයේ සියළුම ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් විවෘතව තැබීමට ස්වීඩන් රජය පියවර ගෙන තිබේ.

ඒ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ යුරෝපා කලාපයේ රටවල් රැසක පාසල් වසාදමා ඇති පසුබිමක ස්වීඩන ර.ය ගත් මෙම තී⁣රණට ගැන බොහෝ දෙනාගේ දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇත.

ස්වීඩනයෙන් ආසාදිතයින් 3400කට වැඩි පිරිසක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 105කි.

යුරෝපයේ සෙසු රටවල් අනුගමනය කරමින් ස්වීඩනයද විශ්වවිද්‍යාල සහ උසස් පාසල් වසා දැමීමට පියවර ගත්තේය. නමුත් ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් තවදුරටත් විවෘතව තැබීමට ස්වීඩන බලධාරීන් පියවර ගැනීම ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන්ය.

ඔවුන් පවසන්නේ වෛරසය දරුවන්ට මාරාන්තික නොවන බව පෙනී ගියත් ඔවුන් හරහා පවුල්වල සාමාජිකයන්ට වෛරසය වැළඳිය හැකි බවයි.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ස්වීඩන් රජයේ බලධාරීන්ට ලිපියක් යොමු කිරීමට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍යය නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ස්වීඩන් සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ පාසල් ළමුන් වෛරසයේ ව්‍යාප්තියට හේතු වනු ඇතැයි  විශ්වාස නොකරන බවය.

( තිළිණි ද සිල්වා ) 
ගාඩියන් ඇසුරෙනි

RECOMMEND POSTS