පාකිස්තාන යානයක් කඩා වැටේ



මගීන් 99 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 8 දෙනකු රැගත් පාකිස්තාන ජාතික වන් සේවයට අයත් මගී ගුවන් යානයක් කරච්චි නුවර නගරයේ ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

කඩා වැටී ඇත්තේ රට අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය පාකිස්තානයේ ලාහෝර් නුවර සිට වෙළෙඳ අගනුවර වන කරච්චි බලා පැමිණෙමින් තිබුණු බව පැවැසෙයි.

යානය කඩා වැටුණේ කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට නුදුරිනි.

කඩා වැටුණේ පී.කේ. 8303 එයාර් බස් ඒ 320 ගුවන් යානයයි.

යානය කඩා වැටීමට හේතුව තවමත් පැහැදිලි නොමැති නමුත් විමර්ශන කටයුතු ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS