පාකිස්තාන ගුවන් සීමාව යළි ඇරේ



පසුගිය පෙබරවාරියේ, ඉන්දියාව සමඟ හටගත් අර්බුදය මුල්කොට ගනිමින් අර්ධ වශයෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් සීමාව මේවනවිට යළි සම්පූර්ණයෙන් විවෘත කර ඇතැයි වාර්තා වේ.

ගුවන් සීමාව වසා දැමීමෙන් ඉන්දියානු රජයේ ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’පමණක් නොව, සෙසු ඉන්දීය ගුවන් යානා ද ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක පාඩුවක් ලැබූ බව පැවැසෙයි.

පසුගිය පෙබරවාරියේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදය හටගත්තේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉන්දීය දේශසීමා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සහ ඉන්පසු හටගත් ගැටුම්කාරී තත්ත්වයයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS