ප්‍රංශ ගුරුවරයකු ගෙල සිඳ මරයි



 

ප්‍රංශයේ පැරිස් නුවර පාසල් ගුරුවරයකු ගෙල සිඳ මරා දමා ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත්තේ ප්‍රංශයේ ජීවත් වන ඉස්ලාමීය අන්තවාදියකු කළ එම ම්ලේච්ඡ ක්‍රියාව ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

ගුරුවරයා සිය පංතියේ සිසුන්ට චාලි හෙබ්බෝ නමැති ප්‍රංශ සගරාවේ පළවුණු මහම්මත්තුමාට අපහාස වන අයුරු දැක්වෙන කාටූන් පෙන්වා ඇති බවත්, ඔහු මරා දැමීමට හේතුවක් වූයේ ඒම සිදුවීම බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ගුරුවරයා අල්ලාගෙන ඔහුගේ හිස ගසා දැමීම සිදුවූයේ ජනතාව ගැවසෙන වීදියකය. ඝාතනය කළ ඉස්ලාමීය සම්භවයක් ඇති තරුණයා ගුරුවරයාගේ හිස ගසමා දමා ඇත්තේ අල්ලාහ්හු අක්බාර් එසේත් අල්ලාහ් දෙවියන් ශ්‍රේෂ්ටයි කියමිනි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී පලා යමින් සිටි ප්‍රහාරකයා කොටු කර ගනිමින් ඔහුට වෙඩි තැබූ බවත්, එම වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ. ප්‍රහාරකයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නැත.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS