පහරදී මහමඟ ඇදගෙන යයි



ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාවේ නගරාධිපතිනියකට පහර දී, ඇගේ කොණ්ඩය කපා, රතු තීන්තවලින් ඇය නහවා, නගර වීදි දිගේ ඇදගෙන යෑමට බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට විරෝධය දක්වන විපක්ෂ විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර ඇත.

බොලිවියා ජනාධිපතිවරණය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වුණු අතර එය ආන්දෝලනයට හේතුවක් විය. අවසානයේදී ය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේ මොරාලේස් යැයි තීන්දු කළේ අධිකරණයයි. රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා ආරම්භ වූයේ ඒ අනුවය.

විරෝධතාකරුවෝ පිරිසක් ඊයේ (7) කොචබාමා පළාතේ වින්ටෝ නමැති කුඩා ගම්මානයට කඩා වැදී එහි ප්‍රධාන පාලම අවහිර කළහ. එම අවස්ථාවේදී වින්ටෝ නගරාධිපතිනිය පැට්රීෂියා අර්ක් ඔවුන්ට හරස් වී තිබේ.

නගරාධිපතිනිය බොලිවියා ජනපති හිතවාදියකු බව පැවැසෙයි. විරෝධතාකරුවන් පුරපතිනිය අල්ලා ඇයට හිරිහැර කර ඇත්තේ එම අවස්ථාවේදීය. පසුව ඇය පොලිස් නිලධාරීන්ට බාර දුන් බව ද වාර්තා වේ.

සුක්රේහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS