නේපාල කතානායකට චෝදනා
නේපාල පාර්ලිමේන්තු කතානායක ධුරය හෙබවූ ක්‍රිෂ්ණා බහදූර් මහාරාට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවී ඇත. ඒ, ඔහුට ලිංගිකඅපහරණ චෝදනා එල්ල වීමත් එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වීමත් සමඟය.
ක්‍රිෂ්ණා බහදූර් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජියෙකි. නේපාලයේ බලයේ සිටින්නේ ද කොමියුනිස්ට් පක්ෂයයි. ක්‍රිෂ්ණා බහදූර් කත්මණ්ඩු අගනුවර සිය නවාතැනේ බීමත්ව සිටිද්දී, තමන්ට අතවර කළේ යැයි කාන්තාවක පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.
(අල් ජසීරා)