නේටෝ මහ සමුළුව බෙල්ජියමේ ඇරැඹේ



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ මහ සමුළුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ඇරැඹිණි

නේටෝ සාමාජික ලබා සිටින රටවලින් බොහොමයක් යුරෝපා රටවල් වන වන ඇමෙරිකාව සහ කැනඩාව ද ප්‍රබල නේටෝ සාමාජිකයන්ය. පවතින දේශපාලන සහ ආරක්ෂක අර්බුද රැසක් සම්බන්ධයෙන් ද නේටෝ සමුළුවේදී සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ද සමුළුවට සහභාගී වෙයි.

සමුළුව අතරතුරේ පොම්පේඕ, බි්‍රතාන්‍ය, ප්‍රංශ සහ ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත. ඒ, ඉරානයට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙනි.

ට්‍රම්ප් බ්‍රසල්ස් නුවර බලා පැමිණියේ බිරිඳ මෙලානියා ද සමඟය. ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණි ට්‍රම්ප්ට විරෝධයක් ද එල්ල විය. ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බෙල්ජියමේ ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS