නේටෝවට 70 යි



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ ව පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ නේටෝ ආරක්ෂක සමුළුවක් බ්‍රිතාන්‍යයේ පැවැත්වෙයි. ඒ, නේටෝ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවෙනි.

ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් 29 ක් නේටෝ සාමාජිකයන් වෙයි. නේටෝ සංවිධානය 70 වැනි සංවත්සරය සමරන්නේ අර්බුද රැසක් මැදය.

නේටෝ සාමාජික රටවල නායකයන් බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ, නේටෝව යල් පැන ගිය සංවිධානයක් බවය. විශේෂ නේටෝ ආරක්ෂක සමුළුව පැවැත්වෙන්නේ වොට්ෆර්ඞ් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. රාජ්‍ය නායකයන්ගේ පැමිණීම නිමිත්තෙන් ලන්ඩන් නුවරත්, වොට්ෆර්ඞ් නුවරත් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය පවසා ඇත.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස වී ඇත්තේ නේටෝව යල් පැන ගිය සංවිධානයක් බවය. නේටෝවට ඇමෙරිකාව ලබා දෙන ආධාර මුදල් කප්පාදු කිරීම කෙරෙහි ජනපති ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ නේටෝ සාමාජිකයන් සැවොම එකමුතු වී නේටෝ සංවිධානය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතු බවය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අදහස වී ඇත්තේ නේටෝව අකර්මණ්‍ය වූ සංවිධානයක් බවය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS