නීතිපති ඉවත් කෙරේ



ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමිවීමත් සමඟ නීතිපති ධුරයේ කටයුතු කළ ජෙෆ් සෙෂන්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.

‘ඔබ කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, මම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා’ යැයි ජෙෆ් සෙෂන්ස්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි. එම ලිපියේ පිටපතක් ඇමෙරිකන් පුවත් සේවා වෙත යොමු වී ඇත.

2016 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ රුසියාවේ මැදිහත්වීමක් නිසා යැයි චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ඔප්පු කිරීමට ඇමෙරිකා ආරක්ෂක අංශ පවා පියවර ගෙන ඇත. කෙසේ නමුත් ට්‍රම්ප් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීම සිදු නොවුණේ ජෙෆ් සෙෂන්ස් ට්‍රම්ප් පාර්ශ්විකයකු වූ නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS