නිවුන් සහෝදරියෝ ගින්නට බිලි



විදුලි කාන්දුවීමකින් නිවසක් ගිනිගැනීම හේතුවෙන් නිවුන් සහෝදරියන් දෙදෙනෙකු මිය යෑමේ පුවතක් එම්රේට්ස් රාජ්‍යයෙන් වාර්තා වේ.

නිවස ගිනිගන්නා අවස්ථාවේදී නිවුන් සහෝදරියන් දෙදෙනා නිවස තුල නිදාගනිමින් සිට ඇති අතර නිවස තුල පිරී තිබු දුම් ආග්‍රාහනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. 

නිවසේ සිටි ගෘහ සේවිකාව සහ අවුරුදු දෙකකට අඩු ගැහැණු දරුවකු දුම් ආග්‍රාහනය වීම නිසා තරමක් අසාධ්‍ය තත්වයක පත්ව ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.

මහජන ආරක්ෂක ඒකකයේ ගිනිනිවන භටයින් පැමිණ ගින්න පාලනය කල අතර ගින්නට හසුවූ පුද්ගලයින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

නිවුන් සහෝදරියන් දෙදෙනාගෙග් ජීවිතය බේරාගැනීම සදහා මහජන ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විශාල පරීශ්‍රමයක් දරා ඇති අතර විනාඩි කීපයකට පසු ඔවුන් දෙදෙනා මියගොස් ඇත. 

ගිනිගැනීමට හේතුවූ කරුණු සෙවීම සදහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS