නිල වශයෙන් ප්‍රසිද්ධ කරලා



තායිලන්තයේ චියැංග් රායි පළාතේ භූගත ලෙන තුළ සිරවුණු පාසැල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු බේරා ගැනීමේ අසීරු මෙන්ම ඉතා අවදානම් මෙහෙයුමේ වීඩියෝ දසුන් නිල වශයෙන් නිකුත් කිරීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකළ තායිලන්ත නාවික හමුදාව මේ වනවිට පියවර ගෙන ඇත.

දරුවන් මුදා ගැනීමේ දසුන් පළමුවෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ වීමට පටන් ගත්තේ 11 දා ය. ඒ, නාවික හමුදාවේ අනුමැතියෙන් තොරවය.

ඒ අනුව, සමාජජාලවලට එක් කෙරුණු එම දසුන් වහා ඉවත් කිරීමට තායිලන්ත නාවික හමුදාව සහ රජය පියවර ගත්තේය. නිලවශයෙන් මාධ්‍ය වෙත එම දසුන් ඉදිරිපත් කිරීමට නාවික හමුදාව පියවර ගත්තේ ඉන්පසුවය.

දරුවන් 12 දෙනා පිටතට ගැනීමේ දී ඇතැම් දරුවන් නිර්වින්දනය කොට, පුහුණු ආවරණ, ඔක්සිජන් ටැංකි සහ විශේෂ බෑග යොදා ගත් බව එම වීඩියෝ දසුන්වල දකින්න ලැබේ. එපමණක් නොව, රෝහල්ගත කිරීමෙන් පසු, නිරෝධායන (වෙන් කෙරුණු) දරුවන් සුවෙන් සිටින බව ද එම වීඩියෝ දසුන් හරහා දකින්න ලැබෙයි.

දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම තෙදිනක කාලයක් තිස්සේ එනම් පසුගිය 8,9 සහ 10 වැනිදා ක්‍රියාත්මක විය. අට වැනිදා සහ නව වැනිදා දරුවන් සිවු දෙනා බැගින් එළියට ගැනීම සිදුවුණු අතර, ඉතිරි වුණු දරුවන් සිවුදෙනා සහ සහාය පුහුණුකරු මුදා ගැනීම සිදුවූයේ 10 වැනිදාය.

(රොයිටර්)


RECOMMEND POSTS