නවසීලන්ත අගමැතිනියට යළිත් ජනවරමක්
නවසීලන්ත මහ මැතිවරණයෙන්, අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ප්රමුඛ කම්කරු පක්ෂයට ජය හිමිවන ලකුණු පෙනී ගොස් තිබේ.
නිකුත් කළ ඡන්ද ප්‍රතිඵල අනුව, ජැසෙන්ඩා එර්ඩර්න් ප්රමුඛ කම්කරු පක්ෂයට හිමිවුණු ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබේ.
ප්‍රතිවාදී විපක්ෂ අපේක්ෂිකාව මෙන්ම විපක්ෂ නායිකාව ද වන මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයේ ජුඩිත් කොලින්ස් පරාජය බාර ගෙන ඇතැයි ද පැවැසෙයි.
ජාතික පක්ෂයට හිමිවී ඇත්තේ සියයට 26 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. නවසීලන්තයේ තෙවැනි දේශපාලන බලවේගය වන හරිත පක්ෂයට හිමි වී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 8 ක් යැයි මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය සැප්තැම්බරයේය. කෙසේ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය ප්‍රමාද විය.
අද දින මැතිවරණය පැවැත්වූයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවය. වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඔක්තෝබර් 3 වැනිදා සිට ජනතාවට වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.
මිලියන ගණනක් දෙනා අපහසුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය වාර්තා සඳන් කරයි. නවසීලන්යේ වේලාවෙන් උදේ 9 ට ඡන්ද ප්‍රකාශ කිරීම ඇරැඹුණු අතර සවස 7 ට අවසන් විය.
(රොයිටර්)