නවසීලන්තයෙන් පළමු මරණය වාර්තාවේ



නවසීලනත්යෙන් ද පළමු වරට කෙරෝනා ආසාදිත මරණයක් වාර්තා වෙයි. මියගොස් ඇත්තේ වයිරසය ආසාදනය වූ 70 හැවිරිදි වැඩිහිටි කාන්තාවකි.

මෙම කාන්තාව ඉන්ෆ්ලුවෙන්සා රෝගියකු බව හඳුවා ගැනීමෙන් පසු ඇයට ප්‍රතිකාර කිරීමට, ඇය ඇතුළත් කළ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් කටයුතු කර තිබේ.

කාන්තාව ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුවය.

ඒ අනුව, කාන්තාවට ප්‍රතිකාර කළ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු 21 දෙනකු නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවැසෙයි.

ගතවුණු පැය 24 ඇතුළත නවසීලන්තයෙන් නව ආසාදිතයන් 60 දෙනකු හමුවුණු බව පැවැසෙයි. ඒ අනුව, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 476 තෙක් ඉහළ ගොස් තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS