දේශසීමා තාප්පය ඉදිකරන්න සහාය පතයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට රූපවාහිනී නාළිකා හරහා ජාතිය අමතමින්, අර්බුදයට ලක්වී ඇති සිය ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය වෙනුවෙන් සහාය ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය.

ඉදිකිරීමට යෝජිත එම දේශසීමා තාප්පය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් වැයවන බව ට්‍රම්ප් පෙන්වා දී ඇත. ඒ වෙනුවෙන් අවහ්‍ය මුදල් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා සිය රූපවාහිනී නිවේදනය ඔස්සේ කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිකිරීමට යෝජනා කළ දේශසීමා තාප්පය මුල්කොට ගනිමින් හටගත් අර්බුදය දුරදිග ගොස් මේ වනවිට ඇමෙරිකා රජයේ කටයුතුවලින් සියයට 25 ක් පමණ අකර්මණ්‍ය වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS