දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට



පාකිස්තානයේ රහීම් අල් ඛාන් නුවර මගී දුම්රියක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලැබූ ගණන 100 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය අනතුර සිදුවූයේ උදෑසන 7.40 ට පමණ, වල්හාර් දුම්රිය ස්ථානය ආසන්නයේය. ගැටීමට ලක්වුණු මගී දුම්රියේ මැදිරි කීපයක් පිටකට විසිවී ගොස් පෙරැළී තිබේ. ඒවායේ සිරවුණු මගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS