දලයි ලාමාට දැන් හොඳයි



පපුවේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලකට ඇතුළත් කෙරුණු ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් යළි ධර්මශාලා නුවර සිය ආශ්‍රමය වෙත යෑමට නියමිත බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

1989 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින දලෙයි ලාමා 83 හැවිරිදි වියෙහි පසුවෙයි. ධර්මශාලා නුවර ආශ්‍රමය වෙත යෑමට පෙර දලෙයි ලාමා නවදිල්ලියේ දින කීපයක් විවේක සුවයෙන් ගත කිරීමට නියමිත බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS