දරුවන්ට දුන්නේ කෙටමීන්



ලෙන තුළ සිරවුණු දරුවන් මුදා ගැනීම සිදුවූයේ කෙසේදැයි මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

ඕස්ටේලියානු වෛද්‍යවරයකු මෙන්ම කිමිදුම්කරුවකු ද වන රිචඞ් ඬේවිස්ගේ මෙහෙයවීමෙන් දරුවන් සිහිසුන් තත්ත්වයකට පත් කර ඔවුන් කිමිදුම් කට්ටල සහ විශේෂ බෑගයක ආධාරයෙන් ලෙන තුළින් එළියට ගැනීමට කටයුතු කළ බව පැවැසෙයි.

දරුවන් මෙසේ සිහිසුන් තත්ත්වයට පත් කිරීමටත් පැය කිහිපයක් අඩපණ කිරීමටත් ‘කෙටමීන්’ නමැති ඖෂධය ලබා දී ඇත. මෙම ඖෂධය ලබා දෙන්නේ පශු වෛද්‍යවරුන් අසුන් සිහිසුන් කිරීමට යැයි ද පැවැසෙයි.

දරුවන් මේ අයුරින් සිහිසුන් නොකළා නම්, පිහිනීමට හෝ කිමිදීමට හෝ නොදැන සිටි නිසා ජලය යටින් ඒමේදී ඔවුන් කලබල වී ජීවිතය අවදානමට ලක් වීමට ඉඩ තිබුණේ යැයි නාවික හමුදාව පැහැදිලි කරයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS