දකුණු ඕස්ට්‍රේලියාව ලොක්ඩවුන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෛා්නා වයිරස ආසාදිතයන් 36 දෙනකු වාර්තා වීමත් සමඟ මිලියන දෙකක ජනගනයක් වෙසෙන දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දින 6 ක් ලොක්ඩවුන් කෙරෙයි.

සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගෙන වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණ ඇතිව, මෙසේ ප්‍රාන්තය ලොක්ඩවුන් කරන බව ප්‍රාන්ත ආණ්ඩුකාර ස්ටීවන් මාෂල් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.

කිසියම් සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් තිබෙනවා නම් වහා කොරෝනා පරීක්ෂණයකට යොමු වෙන්නැයි ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. දකුණු ඕස්ටේ්‍රලියාවේ කාර්යාල සහ පාසල් වසා දැමුණු බවත් සෞඛ්‍ය නිර්දේශ අනුව, අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන බවත් ස්ටීවන් මාෂල් වැඩි දුරටත් කියා සිටී.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොරෝනා දෙවැනි රැල්ලක් හටගත්තේ පළමු රැල්ල අවසන් වී මාස 6 කට පසුවය. පළමු රැල්ල මෙන්ම දෙවැනි රැල්ල ද කඩිනමින් පාලනය කර ගැනීමට පියවර ගන්නා බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

 (රොයිටර්)


RECOMMEND POSTS