දකුණු ආසියාවේ අල් කයිඩා නායකයා මරා දැමේ



ඉන්දීය උපමහද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත ජාලයේ නායක අසීම් උමාර් මරා දැමීමට හැකිවුණු බව ඇෆ්ගන් රජය පවසා ඇත.

ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ අල් කයිඩා නායක අසීම් උමාර් ඝාතනය සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා බවය. ඒ, දකුණු දිග ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ද් ප්‍රාන්තයේ මූසා කාලා දිස්ත්‍රික්කයේ කළ මෙහෙයුමකදීය.

ඇෆ්ගන් රජය අසීම් උමාර් ඝාතන මෙහෙයුම සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි ද පැවැසෙයි. ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අල් කයිඩාවේ සහාය හිමිවෙයි. ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ අසීම් උමාර් යහතින් සිටින බවය.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS