තායිවාන ජනපතිනිය ඇමෙරිකා යයි



තායිවාන ජනාධිපතිනී තායි ඉංග් වෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගියාය.

තායිවාන ජනපතිනිය ඇමෙරිකා බලා යන්නේ ඇමෙරිකා රජය සහ තායිවානය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.2 ක් වටිනා ආයුධ සහ යුද්ධෝපාකරණ ගනුදෙනුව අවසන් කිරීමටය.

ඇමෙරිකාව සහ තායිවානය අතර ආයුධ ගනුදෙනුව සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එම ගනුදෙනුව වහා අවලංගු කරන්නැයි චීනය ඇමෙරිකාවට දන්වා ඇත.

ඇමෙරිකා සංචාරය ආරම්භ කිරීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින්, තායිවාන ජනපතිනී තායි ඉංග් වෙන් කියා සිටියේ, තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයට චීනයෙන් අනතුරක් පවතින බවය.

තායිපේහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS