තායිලන්තයේ වසර 5 ක හමුදා පාලනය අවසන්



තායිලන්තයේ පැවැති හමුදා පාලනය අවසන් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පසුගිය මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕචා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඒ අනුව, වසර 5 කට පසු, තායිලන්තයේ හමුදා පාලනය අවසන් විය. තායිලන්ත හමුදාපති ලෙස ජනරාල් ප්‍රයාත් චාන් ඕචා ලේ වැගිරීමකින් තොරව, තායිලන්තයේ බලය අල්ලා ගත්තේ, 2014 දීය. ඒ, රට අස්ථාවර වූ අවස්ථාවකදීය.

ජනරාල් ප්‍රයාත් චාන් ඕචා සහ ඔහුගේ හමුදා පාලනය යටතේ තායිලන්තයේ වෙනස්කම් රැසක් සිදුවුණු බවත් ඒ ගැන තායිලන්ත වැසියන් සහ එරට දේශපාලන විශ්ලේෂකයන්ගේ පැසැසුමට හේතුවක් විය.

නීති විරෝධී ලෙස සිදු කෙරෙන ධීවර කටයුතු නැවැත්වීමටත්, හො ජාවාරම් නැවැත්වීමට පමණක් නොව, ඉකුත් මාර්තු මාසයේ ජලයෙන් යටවුණු ලෙන තුළ සිරවුණු පාසල් පාපන්දු දරුවන් කණ්ඩායමේ 12 දෙනා බේරා ගැනීම ද සිදුවූයේ හමුදා පාලක මණ්ඩලයේ තීන්දු තීරණ මතය. එහෙයින්, ජනරාල් ප්‍රයාත් චාන් ඕචා ජනතාව අතරේ පැසැසුමට ලක් විය.

දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු, පසුගිය මාර්තු 24 වැනිදා තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. හමුදා නායකයන්ගේ සහාය ද ලබමින්, නව දේශපාලන පක්ෂයකින්, ප්‍රයාත් චාන් ඕචා මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකිවිය. මැතිවරණයට ප්‍රයාත් චාන් ඕචා මුහුණ දුන්නේ හමුදා බලතල අතහැර සාමාන්‍ය වැසියකු ලෙසය.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS