තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි



(තරිදු ජයවර්ධන)

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

එම සංවිධාන තුන පහත දැක්වේ.

1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
3. විලයාත් අස් සෙයිලානි

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 22කට පසුවය.

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ. සිංහල පිටපත තවම මුදාහැර නැත.   


RECOMMEND POSTS