තලේබාන් සාම කතා අවසන්: ට්‍රම්ප් කියයි



තමාගේ මැදිහත්වීමෙන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂාරාෆ් ඝානි අතර පැවැත්වීමට සැලසුම් කළ රහස් හමුව අවලංගු කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනපති හමුව රහසේ පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සැලැසුම් කර තිබුණේ, ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වයක් දෙමිනි. හමුව පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ ඬේවිඞ් හමුදා කඳවුරේදීය.

එම සමුළුව අවලංගු කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේ, ඉකුත් දා කාබුල් නුවරට එල්ල වුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් නේටෝ සාමාජිකයෝ ද ජීවිතක්ෂයට පත්වූහ.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර පසුගිය කාලයේ සාකච්ඡා පැවැත්විණි. ඒ, දෝහා කාටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය.

එම සාම සාකච්ඡා සාර්ථක වෙද්දී, ඊට විරෝධය දක්වන තලේබාන් කණ්ඩායම් දිගින් දිගට ඇෆ්ගනිස්තානයේ බෝම්බ පුපුරුවන්න පටන් ගත්තේය. ඇමෙරිකා විරෝධී තලේබාන් ත්‍රස්ත කල්ලි සමඟ අයි.එස්. ත්‍රස්තවාදින් ද අත්වැල් බැඳගෙන සිටින බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS