ඩාවෝස් සමුළුව අවලංගු කරයි



රටේ හටගෙන ඇති අර්බුදය හේතුවෙන්, ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට තමන් සහභාගී නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

‘ස්විට්සර්ලන්තයේ ඩාවෝස් සමුළුව මට ඉතා වැදගත්. ඒත් අවාසනාවකට මෙවර මට ඊට සහභාගී වෙන්න විදිහක් නැහැ.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

ඩාවෝස් හි ජගත් ආර්ථික සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා සිට 25 දක්වාය. ලෝක ආර්ථික බලවත් රටවල රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් මෙම සමුළුවට සහභාගී වන බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS