ඩකා අගනුවර මුඩුක්කු නිවාස සංකීර්ණයක ගින්නක්



බංග්ලාදේශයේ ජකා අගනුවර පිහිටි මුඩුක්කු නිවාස සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගින්නෙන් නිවාස 50,000 ක් මුළුමන්නිම විනාශ වී ගියේය.

ගින්න හටගත් බව පැවැසෙන්නේ චලන්ටිකා නමින් හැඳින්වෙන මුඩක්කු නිවාස සංකීර්ණයේය. නිවාස එක පෙළට එකිනෙකට ළඟින් පිහිටා ඇති බැවින් ගින්න පහසුවෙන් පැතිර යන්න විය.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. බංග්ලාදේශ රජය පවසා ඇත්තේ ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවය.

ඩකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS