ට්‍රම්ප් මුහුණු ආවරණය ගලවයි



මුහුණු ආවරණ නොපලඳිනවා පුරසාරම් දොඩන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට නොපෙනෙන අයුරින් මුහුණු ආවරණ පලඳින බව අනාවරණය වී තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මිචිගන් ප්‍රාන්තයේ ස්වසන උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ නිර්මාණය කරන ‘ෆෝඞ්’ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සංචාරය කළේය.

ඇමෙරිකන් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ‘ෆෝඞ්’ සමාගම මේ වනවිට ‘කොවිඞ් 19’ වසංගතය හමුවේ මෝටර් රථ නිෂ්පාදනය නවතා දමා වෙන්ටිලේටර් ඇතුළු ස්වසන උපකරණ නිපදවීම සිදු කරයි.

ජනපති ට්‍රම්ප් කර්මාන්ත ශාලාවට ගොස් එහි නිරීක්ෂණ කටයුතුවල නියැලී ඇත්තේ මුහුණු ආවරණයක් පැලඳගෙනය. කෙසේ නමුත් සංචාරය අවසන් වී මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණෙන විට, ට්‍රම්ප් මුහුණු ආවරණය ගලවා ගත්තේය. එය දුටු මාධ්‍යවේදීහු ඒ ඇයිදැයි ට්‍රම්ප්ගෙන් විමසූහ.

‘මා මුහුණු ආවරණ පලඳින්නේ නැතැයි මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරනවා. මා සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන බවට චෝදනා කරනවා. මා කැමතියි ඒවා අහන්න. ඒවා නිවැරදි කරන්න යන්නේ නැහැ. මා මුහුණු ආවරණ පලඳින බව මාධ්‍යවලට පෙන්වමින් ඔවුන් සතුටු කරන්න මට කිසිම ඕනෑකමක් නැහැ’ යැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී පිළිතුරු දුන්නේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS