ට්‍රම්ප් දඩ කයි



නිව්යෝක් නුවර අධිකරණ විනිසුරුවරියක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක (රුපියල් ලක්ෂ 200 ක්) දඩ මුදලක් නියම කළාය.

ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ට මෙසේ දඩ මුදල් නියම කළේ සැලියෑන් ස්කාර්පුලා විනිසුරුවරියයි. දඩ මුදල නියම කිරීමට හේතුව ට්‍රම්ප් ඔහු සහ ඔහුගේ දරුදැරියන් එක් වී පිහිටුවා ගත් පුණ්‍යායතනයක අරමුදල් පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම නිසාය.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත් වූයේ 2016 ජනාධිපතිවරණයෙනි. 2016 වෙද්දී, ට්‍රම්ප්, ඔහුගේ දියණිය ඉවන්කා සහ පුතුන් දෙදෙනා වන එරික් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් එක්වී, ‘ද ඩොනල්ඞ් ජේ. ට්‍රම්ප් පදනම’ යන නමැති පුණ්‍යායතනය පිහිටුවීය.

2016 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්, මෙම පුණ්‍යාතනයේ මුදල්, සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කළේ යැයි අනාවරණය වීමෙන් පසු නිව්යෝක් නීතිපතිවරයා ට්‍රම්ප්ට එරෙහිව නීතිමගින් කටයුතු කිරීම ඇරැඹුවේ පසුගිය 2018 දීය. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වුණු අතර, නිව්යෝක් විනිසුරුවරිය විසින් ලබා දුන්නේ එහි තීන්දුවය.

ට්‍රම්ප් වරදකරු කරමින්, දඩ මුදල් නියම කිරීමෙන් ද පසු විනිසුරුවරිය පෙන්වා දුන්නේ, පුණා්‍යායතනයක මුදල් පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම පුන්‍යායතනයක් පවත්වාගෙන යෑමේ මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවත් එමගින් ජනතා විශ්වවිශ්වාසය කඩවීමක් සිදුවන බවත්ය.

නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී.).


RECOMMEND POSTS