ට්‍රම්ප් චීන සමාගම් 28 ක් ‘බ්ලැක් ලිස්ට්’ කරයි



චීන රජය එරට උයිගුර් මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි චෝදනා නගමින් චීන සමාගම් 28 ක් තම අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත.

උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් චීනයේ ෂියැංජියැන් පළාතේය. උයිගුර්වරුන් ඔවුන් ජීවත් වෙන පළාත් වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. අන්තවාදී මුස්ලිම් සන්නද්ධ කල්ලි ද මෙම පිරිස් සමඟ එක් වුණු අතර උයිගුර්වරුන් සහ චීන රජය අතර මීට වසර කීපයකට පෙර අර්බුදයක් නිර්මාණය විය. එය අවසන් වූයේ චීන රජය දැඩි ලෙස උයිගුර් මුස්ලිම් වැසියන් මර්දනය කිරීමෙනි.

අද වනවිට උයිගුර් මුස්ලිම්වරුන් මිලියනයක පිරිසක් පුනරුත්ථාපන කඳවුරුවල ජීවත් වෙන බවට චෝදනා එල්ල වී ඇත. චීන රජය පවසා ඇත්තේ එම වැසියන් වෘත්තීය පුහුණු වැඩසටහන්වලට යොමු කර ඇති බවය. මෙසේ අසාදු ලේඛනගත කළ සමාගම් අතර චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක් ද ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS