ට්‍රම්ප්ගේ බලතල අඩු කරන්න තීරණයක්



ඇමෙරිකන් සේනාධිනායකයා ලෙස ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇති බලතල අඩු කිරීමේ නව යෝජනාවක් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කිරීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරු සූදානම් වෙති.

ජනපති ට්‍රම්ප් ඉරානය ප්‍රකෝප කරමින්, ඉරාන හමුදා ජනරාල් සුලෙයිමානී ඝාතනය සහ ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වීම ඩිමොක්‍රටික්වරුන්ගේ දෝෂදර්ශණයට හේතුවක් වී ඇත.

ජනපති ට්‍රම්ප්, ඉරාන හමුදා නායකයා ඝාතනය කිරීම, ජනපති බලතල අවභාවිතයක් බවත් නීතිවිරෝධී ක්‍රියාවක් බවත් පෙන්වා දීමට ඩිමොක්‍රටික්වරු උත්සාහ ගනිති. කෙසේ නමුත් ජනපති ට්‍රම්ප් එම ප්‍රහාරය එල්ල කළේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාවට ඇති අයිතිය අනුව බවත්, ට්‍රම්ප් කළේ නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවත් ට්‍රම්ප්ගේ පාලක පක්ෂයේ රිපබ්ලිකන්වරු පවසති.

(අල් ජසීරා)


RECOMMEND POSTS