ට්විටර් හිටිහැටියේ නැවතිලා



අතිශය ජනප්‍රිය ට්විටර් සමාජ මාධ්‍ය හදිසි බිද වැටිමකට ලක්විණි. ඒ සමගම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්විටර් පරිශ්‍රීලකයන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවට පත් වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

සමාජ මාධ්‍ය අතර දැවැන්තයකු ලෙස සැලකෙන්නේ ට්විටර් ය. රටරටවල රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන්, ජනප්‍රිය පුද්ගලයන් ආදිය ඔවුන්ගේ අදහස් පළ කිරීමට පමණක් නොව නිල මාධ්‍ය නිවේදන පවා නිකුත් කිරීමට භාවිත කරන්නේ ට්විටර් සමාජ මාධ්‍යයයි. පරිශීලකයන් මිලියන 140 ක් ට්විටර් සමග එක් වී සිටිති.

සිදුවුණේ කුමක්දැයි දැනගත්තේ මිනිත්තු කීපයකට පසුව බවත්, පරීක්ෂණ පවත්වද්දී අනාවරණය වූයේ අභ්‍යන්තර පද්ධතියක හටගත් දෝෂයක් නිසා බිද වැටීම සිදුවුණු බව යැයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි ට්විටර් සමාගම් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

එය පද්ධති බිද වැටීමක් බවත් හැකර් ප්‍රහාරයක් වැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත් ට්විටර් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. කෙසේ නමුත් පසුගිය ජූලි මාසයේ මේ අයුරින් ට්විටර් සමාජ මාධ්‍යය බිද වැටීමකට ලක්වුණු අතර එය සිදුවූයේ හැකර් ප්‍රහාරයකින් යැයි පැවැසිණි.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS