ජෝර්දානයේ රජු සහ රැජින වැලන්ටයින් දිනය සැමරයි



දෙවන අබ්දුල්ලා රජු වන ඉබ්නු අල්-හුසේන් සහ ඔහුගේ බිරිද වන රානියා රැජින වැලන්ටයින් දිනය සමරන ඡායාරූපයක් ඉන්ට්‍රගෑම් සමාජජාල අඩවියේ පලකොට තිබු බව අල්-මර්ෂඩ් වෙබ් අඩවිය වාර්තාකර තිබූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබි අඩවිය වාර්තා කලේය. 

රාජකීය යුවළ හදවත් හැඩයේ කේක් එකක් මත ගැසූ රතු රෝස මල් සහ ඉටිපන්දම් සමග පෙනී සිටින ඡායාරූපයක් ඉන්ට්‍රගෑම් සමාජජාල අඩවියේ පලකිරීමත් සමගම එම ඡායාරූපය එම සමාජජාල අඩවියේ විශාල ලෙස පැතිර ගොස් ඇත. 

“ඔබේ හදවත් සහ ගේදෙරවල් සාමයෙන් සහ ආදරෙන් පිරී ඉතිරේවා“ යනුවෙන් රානියා රුජින ඉන්ට්‍රගෑම් පණිවිඩයක් පලකර  තිබූ බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර තිබුණි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS